Thursday 7th of May 2026

English Tamil
Advertiesment


ජනපති ප්‍රධාන ආණ්ඩුවට උපදෙස් දෙන්නේ කළු කඩ මුදලාලිලා 


2026-05-07 1284

 

ආර්ථිකය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති කිසිවෙකු එහි නැහැ 

 

ලෝකයේ වැඩිම බදු පනවා ඇති රට ශ්‍රී ලංකාවයි 

 

ආණ්ඩුවේ බදු සංශෝධනයෙන් කුඩා ව්‍යාපාරිකයින් අනාථයි

 

ආණිඩුව VAT වැඩි කළේ IMF පදයට ද..?

 

ඩිජිටල් ආර්ථිකය අනතුරේ  

 

 

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට ආර්ථික වශයෙන් උපදෙස් සෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව ප්‍රාමාණික සහ හසල දැනුමක් තිබෙන වෘත්තීයවේදීන් නොව කළු කඩ මුදලාලිලා යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා චෝදනා කළේය.

මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ චෝදනා කළේ, සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී බදාදා (06) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

VAT බද්දට යටත් වන මිලියන 60 සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් එම බද්දට හසු නොවුණ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් බදු දැලට හසු කර ගැනීමට ආණ්ඩුව උත්සායක නිරත වෙනවා. ඒ අනුව දිනක ආදායම රුපියල් ලක්ෂයක් උපයන සියලුම දෙනා මෙම බද්ධට හසු කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරනවා. ඒ අනුව බදු පදනම වැඩි කර ගැනීමට රජය උත්සහ කරනවා. 

මෙතෙක් කාලයක් බද්දට හසු නොවුණ පිරිස් බද්දට හසු කර ගැනීමටයි ආණ්ඩුව උත්සහ කරනු ලබනවා. ඒ වගේම දිනක ආදායම ලක්ෂයක් උපයන ව්‍යාපාරිකයන්ට VAT බද්ද ගෙවන්න සිදු වෙනවා.  ඒ වගේම සුළු ව්‍යාපාරිකයන්ට ආදයම් බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියට අනුගත වීමට සිදු වෙනවා. ඒ වගේම සුළු පරිමාන ව්‍යාපාරිකයන් සියලුම දෙනා මෙම බදු දැලට හසු වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව සුලු ව්‍යාපාරවලට අතිරේක පිරිවැයක් බදු සංශෝධනය හරහා උපයා ගැනීමට සිදු වෙනවා. 

ඒ වගේම රටේ බදු පදනම පුළුල් කර ගැනීමට රටක් ලෙස කටයුතු කළ යුතුයි. නමුත් 2022 සිදු වුණ ආර්ථික බංකොලොත්භාවය හේතුවෙන් පීඩාවට පත්වුණ සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් දෙස මීට වඩා සංවේදිව බලන්න ආණ්ඩුවට තිබුණා. 

කෙසේ නමුත් රටේ සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත තිබුණත් නැතත් ප්‍රශ්නයක් නැති බව ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය හරහා සනාථ වෙනවා. සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් ඉතාමත් අසිරුවෙනුයි කටයුතු සිදු කරන්නේ. 

ඒ වගේම සුළු ව්‍යාපාර කරන පුද්ගලයින්  VAT බදු ගෙවීම සඳහා ලියාපදිංචි වුණොත් ආණ්ඩුව වැඩි කරන වැට් බද්ද ගෙවන්න සිදු වන්නේ රටේ සාමාන්‍ය මහ ජනතාවට. ඒ අනුව භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා. ඒ වගේම මුල්‍ය සේවා මත පැනවූ සියයට 18 ක බද්ද සියයට 2.5 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මුල්‍ය සේවා මත පැනවූ බද්ද 20. 5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ වගේම න්‍යයාත්මකව සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් තිබුණාට එම බද්ද ප්‍රායෝගිකව වාණිජ බැංකු අය කර ගත්තේ නැහැ. කෙසේ නමුත් සියයට 2.5 කින් VAT බද්ද අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ වගේම මුල්‍ය සේවා ගාස්තුව සියයට 20.5 දක්වා ඉහළ යාම හරහා අර්බුද ගණනාවක් මතු වෙනවා. 

ඒ වගේම මුල්‍ය සේවා ලබා ගන්නා සියලුම දෙනා මත සියයට 20.5 ක බද්දක් අය කරනු ලබනවා. ඒ අනුව ජනතාවගේ වියදම් තව තවත් වැඩි වෙනවා.  ඒ වගේම මුල්‍ය සේවා යනු ආර්ථිකයේ යටිතල පහසුකමක්. මුල්‍ය සේවාවල වියදම් අඩුවෙන් තබා ගැනීමනුයි රටට ආයෝජකයකින් පැමිණෙන්නේ. මුල්‍ය සේවාවල වියදම් වැඩි වුණොත් රටට ආයෝජකයින් පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මුල්‍ය වියදම් වැඩි රටවලට ආයෝජකයෝ පැමිණෙන්නේ නැහැ. 

ඒ වගේම ඩිජිටල් ආර්ථිකය තුළ නිදහසේ සේවා සපයන තරුණ තරුණියන් රැසක් ශ්‍රී ලංකාවේ සිටිනවා. කෙසේ නමුත් ඔවුන් මත පනවා තිබෙන බදු අනුපාතය බින්දුවක් බව ආණ්ඩුවට තර්කයක් ගෙන ඒමට හැකියාව තිබෙනවා. VAT  බද්ද බින්දුවයි නම් එය ධන වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව ඩිජිටල් ආර්ථිකය තුළ නිදහසේ සේවා සපයන තරුණ තරුණියන් මත VAT බද්දක් අය වෙන්නේ නැහැ. නමුත් මොවුන් සේවා සපයා ගන්නේ නිර්නේවාසිකයින්ගේ යටිතල පහසුකම් මගින්. 

කෙසේ නමුත්  ඩිජිටල් ආර්ථිකය සඳහා සේවා සපයන පිරිසට සියයට 18 ක අලුත් VAT බද්ද පැනවෙනවා. දේශිය තරුණ තරුණියන් මත සියයට 18 ක බද්දක් අය නොකළාට ඔවුන් සේවා ලබාගන්නා ඩිජිටල් ආර්ථිකයේ යටිතල පහසුක්ම මත පිරිවැය වැඩි වී තිබෙනවා. මේ ක්ශ්‍රේත්‍රයේ කඩා වැටිමක් සිදු වෙන්න ඉඩකඩ තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා රටේ තරුණ තරුණියන්ගේ ඩිජිටල් ආර්ථිකයේ සාපෙක්ෂ වාසිය නැති කර තිබෙනවා.  ඒ වාසිය ඉන්දියාව , පකිස්ථානය , වියට්නාමය වැනි රටවලට ලබාදෙනවා. 

ඒ වගේම සියයට 2.5 කින් VAT බද්ද වැඩි කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළ නිසා බව ආණ්ඩුවට කිසිසේත් ප්‍රකාශ කළ නොහැකියි. ඒ වගේම බදු අනුපාතික වැඩි කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ. ඒ අනුව ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත් වඩා දරුණු ලෙස ජනතාව මත අධික බදු පනවන්න කටයුතු කර තිබෙනවා.  

ඒ වගේම අධික බදු බර හේතුවෙන් වෘත්තිකයන් රට හැර යනවා. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වන තුරු ගන්න කටයුතු කරලා නැහැ. ඒ වගේම ආණ්ඩුව ජනතාව සමඟ ඇති කර ගත් සමාජ සම්මුතිය කඩා බිද දමා තිබෙනවා. ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා තිබෙනවා. එවැනි ආණ්ඩුවල ගමන කෙටි කාලිනයි. 

ඒ වගේම විශේෂයෙන්ම 2.5 ක VAT බද්ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණොත් දකුණු ආසියාවේ මුල්‍ය සේවාවලට වැඩිම බදු අනුපාතයක් අය කරන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.  ඒ වගේම ආසියාවේ සහ බටහිර ආසියාවේ සියලුම රටවල්වලට වඩා මුල්‍ය සේවා සඳහා අධික බද්දක් අය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවයි. 

කෙසේ නමුත් ආණ්ඩුව බදු වැඩි කරලා පොහොසත් රටක් බවට පත් වෙන්න උත්සහ කරනවා. කෙසේ නමුත් පොහොසත් රටවලටත් වඩා වැඩි බද්දක් ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා.  ආණ්ඩුවේ මෙම බදු වැඩි කිරිම හරහා ජන ජිවිතයට අවශ්‍ය සියලුම දේවල්වල මිල ඉහළ යනවා. ඒ අනුව ජන ජිවිතයේ තිබෙන ගුණාත්මකභාවය අඩු වෙනවා. ඒ වගේම දුප්පතුන් වැඩි වන බවට, උද්දමනය වැඩි වන බවට , ඇති නැති පරතරය වැඩි වන බවට , රැකියා ප්‍රශ්නය වැඩි වන බවට ලෝක බැංකුවත් අනතුරු අඟවා තිබෙනවා.  මේ අනතුර කල් තියා දැනුම් දෙන්න සමගි ජන බලවේගය කටයුතු කරනු ලබනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් නැවත වතාවක් ආණ්ඩුව සිතා බලයි කියා සමගි ජන බලවේගය විශ්වාස කරනු ලබනවා. 

ඒ වගේම ආණඩුවට උපදෙස් දෙන ආර්ථික විද්‍යාඥයින් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ දුර්වතා රැසක් තිබෙනවා. ඒ නිසා ආර්ථික විද්‍යාව පිළිබඳව හසල දැනුමක් තිබෙන කිසිදු පුද්ගලයෙක් ආණ්ඩුව තුළ නැති බවයි පෙනි යන්නේ. ආණ්ඩුවේ සිටින්නේ කළු කඩ මුදලාලිලා. ඒ වගේම අනුර දිසානායක මහතාට උපදසේ ලබා දෙන්නේ ගෝඨාභය හිටපු ජනාධිපතිපතිට උපදෙස් දුන්න පිරිසමද කියා ප්‍රශ්නයක් මතුවෙනවා.‘‘

Advertiesment